HIRUMEGASTARS.LK
Show navigation
Hide navigation
HOME
SEASON 2
OUR NETWORK
ASIA BROADCASTING
HIRU TV
HIRU FM
HIRU GOSSIP
HIRU NEWS
SHAA FM
SUN FM
GOLD FM
SOORIYAN FM
TEAMS
TEAM ARYANS
TEAM MAYANS
TEAM RAVANS
TEAM SHAKYANS
TEAM SOORYANS
RESULTS
WINNERS & PRIZES
HOW TO VOTE
GALLERY
EPISODES
CONTACT US
Connect With Hiru MEGAStars
Connect With Hiru MEGAStars
HOME
Aryans
ආර්යන්ස්
Mayans
මායන්ස්
Ravans
රාවන්ස්
Shakyans
ශාක්‍යන්ස්
Sooryans
සූර්යන්ස්
තරඟය ක්‍රියාත්මක වන අයුරු
සතියකට කණ්ඩායම් දෙකක් තරඟ වදියි. පළමුව තරඟ වදින කණ්ඩායමට අංක 01 ලබා දෙනු ලබයි. දෙවැනියට තරඟ වදින කණ්ඩායමට අංක 02 ලබා දෙනු ලබයි.
විනිශ්චය මණ්ඩලයෙන් ලැබෙන තරඟ ප්‍රතිඵල හා සමානව ප්‍රේක්ෂක ඔබටත් මේ තරඟය තුලදී ඔබේ වටිනා මනාපය තරඟයේ බලපෑම් කල හැකි තීරණාත්මක සාධකයක්ද වනවා. ප්‍රසාද ලකුණු පුවරුව හැසිරවීමේ සම්පුර්ණ බලය ඔබේ කැමැත්ත මත, ජනතා පරමාධිපත්‍ය සතු වෙනවා. ඒ වටිනා මනාප ලබාදීම වෙනුවෙන් සුවිශේෂ තෑගි ඔබට තිලිණ කරමින් දිනකට වාසනාවන්ත ජයග්‍රාහකයින් තිදෙනෙක් අප බිහිකරනවා. වර්ණ රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි ලිප්, ගෑස් අවන්, මෝටර් බයිසීකල්, ත්‍රී වීල් සමඟින් වටිනා මෝටර් රථයක් දිනාගත හැකි වෙනවා.
තරු අතර සුපිරි තරු උත්කර්ෂයට නංවන මේ මහා Television ස්වයංවරයේ තවත් සුවිශේෂී අංගයක් වන ප්‍රසාද ලකුණු පුවරුව ගැන ප්‍රේක්ෂක ඔබ දැනුවත් විය යුතුමයි. ප්‍රසාද ලකුණු පුවරුවට එකතු වන ලකුණු ප්‍රමාණයන් තරඟාවලිය තුළ ජයග්‍රහණය ලබමින් අවසාන මහා තරඟය තෙක් ඉදිරියටම යන කණ්ඩායම් වලට අතිශය වැදගත් වනවා.
විනිශ්චය මණ්ඩලයේ ලැබෙන ලකුණු අනුව කණ්ඩායමක් තරඟයේදී ජයග්‍රහණය කළහොත් එම කණ්ඩායම සඳහා ප්‍රසාද ලකුණු පුවරුවට ලකුණු 4ක් එකතු වනවා.
විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයින් විසින් තරඟය තුලදී කණ්ඩායමක උපරිම දක්ෂතා ඇගයීමේදී තරඟයේ අති විරළ අවස්ථාව වන
Golden Buzzer
ක්‍රියාත්මක කර සිය ප්‍රතිචාරය දැක්වුවහොත් එම කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 ක් හිමිවෙනවා. එය තරඟයකදී අති විරලම අවස්ථාවක්.
ඒ වගේම තරඟ වටයක් අවසානයේදී ප්‍රේක්ෂක ඔබ පළකරන මනාප අනුව එම කෙටි විරාමය තුළදී ජයග්‍රහණය ලබන කණ්ඩායම සඳහා එක් ප්‍රසාද ලකුණක් හිමිවෙනවා.
තරඟය ක්‍රියාත්මක වන අතරතුරදී නර්තනවරය, ගායනවරය, ස්වයංවරය යන වට ත්‍රිත්වය අවසානයේදී එළෙඹෙන එක් එක් විරාමයේදී ඔබ කැමතිම කණ්ඩායමට වැඩිම මනාප ලබාදීම තුලින් එක් වරයකට ලකුණු 1 බැගින් විරාම තුනේදී ප්‍රසාද ලකුණු 3 ක් හිමි කර දීමට ප්‍රේක්ෂක ඔබට හැකියාව ලැබෙනවා.
ඔබේ වටිනා මනාපය පළකරන අයුරු
සුවිශේෂී තෑගි ලබා දෙන මේ විරාමයේදී ඔබ කැමතිම කණ්ඩායම නම් කොට විරාමය අවසන් වීමට ප්‍රථමව HMS (හිස්තැනක්) අංක 01 හෝ අංක 02 ලෙස සඳහන් කොට 7766 ට SMS කරන්න. නැත්නම් 7766 අමතා ස්වයංක්‍රීය පණිවිඩයට සවන් දී ඔබ කැමතිම කණ්ඩායමට හිමි අංකය ඇතුලත් කර ඔබේ මනාපය ප්‍රකාශ කරන්න. නැත්නම් අපගේ
www.hirumegastars.lk
හෝ
www.hirutv.lk
වෙබ් පිටුවට පිවිස ඔබේ මනාපය පලකරන්න.
Hiru MEGAStars Facebook
පිටුවට පිවිස ඔබේ මනාපය පලකිරීමට Like කරන්න.
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Site by:
Lotus Technologies
Top